Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඉල්ලීම් දිනන තෙක් වැටුප් අරගලය නවතන්නේ නැහැ – ලංකා ගුරු සේවා සංගමය

By News Team on October 13th, 2021 in Local

තම ඉල්ලීම් දිනා ගන්නා තෙක් වැටුප් අරගලය කිසිම අයුරකින් නතර නොකරන බව ගුරු වෘත්තීය සමිති පවසනවා.

අද (13) උදෑසන සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ අග්‍රාමාත්‍යවරයා සමඟ ඊයේ (12) පැවැති සාකච්ඡාවේ දී අවධානය යොමු කළ කරුණු පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පතුරවමින් සිටින බවයි.