Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද

By News Team on November 22nd, 2021 in Local

2022 අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම අද (22) පස්වරු 5.00ට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.

පසුගිය 12 වැනිදා අයවැය ලේඛනය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

ඉන්පසු පසුගිය 13 වැනිදා සෙනසුරාදා සිට අද (22) දිනයේත් ඇතුලුව අයවැය දෙවැනි වර කියවීමේ විවාදය සඳහා වෙන් කර තිබූ දින ගණන 07 ක්.

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය හෙට ආරම්භ කෙරෙන අතර එය ලබන මස 10 වැනිදා දක්වා දින 16ක් පැවැත්වීමට නියමිතයි.

2022 අයවැය අවසාන ඡන්ද විමසීම ලබන මස 10 වැනිදා පස්වරු 5.00 ට පැවැත්වෙනු ඇති.