Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය අදින් ඇරඹේ – ශ්‍රී ලංකාව හෙට තරඟ බිමට

By News Team on October 17th, 2021 in Sport

විස්සයි විස්ස ලෝක කුසලානය අද (17) ආරම්භ වනවා.

ලබන නොවැම්බර් 14 වනදා පැවැත්වෙන තරඟාවලිය සඳහා කණ්ඩායම් 16 සහභාගී වීමට නියමිතයි.

මෙවර තරඟාවලිය ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන අතර ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 08ක් සුදුසුකම් ලබාගැනීමේ වටයේදී තරඟ වදිනු ඇති.

ඊට අමතරව බංග්ලාදේශය, අයර්ලන්තය, නැම්බියාව, නෙදර්ලන්තය, ඕමානය, පැපුවා නිව් ගිනීයාව සහ ස්කොට්ලන්තය ද සුදුසුකම් ලැබීමේ වටයට තරඟ කිරීමට නියමිතයි.

ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්ථානය, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් සහ ඇෆ්ඝනිස්ථානය යන රටවල් සුපිරි 12 දෙනාගේ වටයට මේ වන විටත් තේරී පත්වී අවසන්.

සුපිරි කණ්ඩායම් 12 අතරට ශ්‍රී ලංකාවට පිවිසීමට නම් සුදුසුකම් ලබා ගැනීමේ වටයෙන් ඉහළ ප්‍රසාද ලකුණු ලබාගත යුතු වනවා.

මේ අනුව ශ්‍රී ලංකාව අයර්ලන්තය, නෙදර්ලන්තය සහ නැම්බියාව යන කණ්ඩායම් සමඟ තරඟ කළ යුතුයි.

ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය නැමීබියාවට එරෙහිව හෙට (18) අබුඩාබි හිදී පැවැත්වෙනවා.

අද දිනයේදී ඕමානය සහ පැපුවා නිව් ගිනියාවත්, බංග්ලාදේශය සහ ස්කොට්ලන්තයත් තරග වදිනු ඇති.

එම තරග 02 ම ඕමානයේදීයි පැවැත්වෙන්නේ.

2021 විස්සයි විස්ස ලෝක කුසලාන ශූරතාවය දිනා ගන්නා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන 1.6 ක මුදලක් හිමි වන අතර අනුශූරතාවය දිනා ගන්නා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් ලක්ෂ 8 ක මුදලක් හිමි වනු ඇති.