Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

බස්නාහිර පළාත තුළ දුම්රිය ධාවනය ලබන සඳුදා සිට ඇරඹේ

By News Team on October 22nd, 2021 in Local

බස්නාහිර පළාත තුළ ලබන සඳුදා සිට දුම්රිය ධාවනය ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් කියා සිටියේ දුම්රිය වාර ප්‍රවේශපත් හිමිකරුවන්ට පමණක් දුම්රිය සේවාව ලබාගත හැකි බවයි.

නොවැම්බර් 1 වැනිදා සිට අන්තර් පළාත් දුම්රිය ධාවනය ද ආරම්භ කිරීමට නියමිත බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් එම ප්‍රකාශකයා සඳහන් කළේ.