Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

මෙරට සමස්ථ කොරෝනා මරණ ගණන 10000 සීමාව ඉක්මවයි

By News Team on September 6th, 2021 in Local

ඊයේ (05) දිනයේ ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාධිතයින් 3308 දෙනෙක් හඳුනා ගැනුණා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් ගණන 462767ක් දක්වා ඉහළ ගියා.

68070 දෙනෙක් මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින අතර වෛරස ආසාධිතයින් අතුරින් පුර්ණ සුවය ලැබූ ගණන 384757ක් ලෙසයි සටහන් වුණේ.

මේ අතර ඊයේ (05) දිනයේ මෙරට සමස්ථ කොරෝනා ආසාධිත මරණ ගණන 10000 සීමාව ඉක්මවා ගියා.

ඒ පසුගිය සෙනසුරාදා දිනයේ සිදුවූ තවත් මරණ 189ක් ඊයේ (05) දිනයේ තහවුරු කිරීමත් සමඟයි.

මේ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ ගණන 10140ක් දක්වා ඉහළ ගියා.