Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

මෙරට කොරෝනා සමස්ථ කොරෝනා මරණ ගණන 11000 සීමාවට ආසන්න වෙයි

By News Team on September 11th, 2021 in Local

ඊයේ (10) දිනයේ ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාධිතයින් 2842 දෙනෙක් හඳුනා ගැනුණා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් 480478ක් දක්වා ඉහළ ගියා.

59855 දෙනෙක් මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින අතර වෛරස ආසාධිතයින් අතුරින් පුර්ණ සුවය ලැබූ ගණන 409628ක් ලෙසයි සටහන් වුණේ.

මේ අතර ඊයේ (10) දිනයේ කොරෝනා මරණ 131 දෙනෙක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් තහවුරු කළා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ ගණන 10995ක් දක්වා ඉහළ ගියා.