Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

මාස 3ක් පුරා පැවැති ගුරු වර්ජනය අද අවසන් වෙයි?

By News Team on October 13th, 2021 in Local

අඛණ්ඩව දින 94ක කාලයක් පුරා පවත්වාගෙන යන ගුරු විදුහල්පති වෘත්තීය අරගලය සම්බන්ධයෙන් වන අවසන් තීරණය අද (13) දිනයේ දී ගැනීමට නියමිතව තිබෙනවා.

ඊයේ (12) දිනයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වුණා.

එහිදී රජය පාර්ශවයෙන් ගුරු විදුහල්පතිවරුන් සඳහා හිමිවිය යුතු සමස්ථ වැටුප් අදියර දෙකක් යටතේ ලබාදීමටයි තීරණය වී ඇත්තේ.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව වෘත්තීය සමිති නායකයින් මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ අගමැතිවරයාගේ මෙම තීරණය පිළිබඳ අද (13) දිනයේ දී ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය රැස්වී අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවයි.