Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ෆයිසර් එන්නතේ තෙවැනි මාත්‍රාවෙන් ඉහළ ප්‍රතිශක්තිකරණයක් ලැබෙන බව හෙළි වෙයි

By News Team on July 29th, 2021 in International

ෆයිසර් එන්නතේ තෙවැනි මාත්‍රාවක් ලබාදීමෙන් ඩෙල්ටා වෛරසය ප්‍රභේදයට එරෙහිව ඉහළ ප්‍රතිශක්තිකරණය හිමිවන බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

ෆයිසර් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ සාමාන්‍ය මාත්‍රා 02න් ලැබෙන ආරක්ෂාවට වඩා සැලකිය යුතු ප්‍රතිශක්තිකරණයක් එලෙස ලැබෙන බවයි.

වයස අවුරුදු 18 සහ 55 අතර කාණ්ඩයේ පිරිස්වලට එහිදී ඉහළම රැකවරණයක් හිමිවන බව ඒ අධ්‍යනයේ දී අනාවරණය වී තිබෙනවා.

ඊට අමතරව වයස අවුරුදු 65 සහ 85 අතර අයට 11 ගුණයක අමතර ආරක්ෂාවක් සැලසෙන පරිදි ප්‍රතිදේහ නිපදවෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.