Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

මානව හිමිකම් සම්බන්ධයෙන් සෙවීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ කාලය දීර්ඝ කෙරේ

By News Team on July 28th, 2021 in Local

මානව හිමිකම් සම්බන්ධයෙන් පූර්වගාමී කොමිෂන් සභාවල හා කමිටුවල තීරණ ඇගයීම සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා වන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය මාස 06 කින් දීර්ඝ කර තිබෙනවා.

ඒ ලබන වසරේ ජනවාරි 21 වන දින දක්වායි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය ජනවාරි 21 වන දින මෙම කොමිෂන් සභාව පත් කරනු ලැබුවා.

එහි අවසන් වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා මාස 06 ක කාලයක් ලබා දී තිබූ අතර එම කාලය ජුලි මස 21 වන දිනෙන් අවසන් වුණා.

කොමිෂන් සභාවේ කටයුතු තවදුරටත් සිදුකිරීම සදහා එහි කාලය මාස 06 කින් දීර්ඝ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුක්තව අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.