Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ලබන කැබිනට් රැස්වීමේදී තීන්දුවක් නොගතහොත් අරගලය තවදුරටත් පුළුල් කරන බව ගුරු සංගම් කියයි

By News Team on September 4th, 2021 in Local

ගුරු විදුහල්පති වැටුප් ගැටලුව මුල් කරගනිමින් ආරම්භ කර ඇති අරගලයේ ඉදිරි ක්‍රියාමාර්ග සදහා ප්‍රබල තීරණ රැසක් ලබන සදුදා (06) දිනයෙන් පසුව ප්‍රකාශයට පත්කරන බව ලංකා ගුරු සේවා සංගමය අවධාරණය කරනවා.

එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා අද (04) උදාසන සමාජ මාධ්‍ය ඔස්සේ ගුරුවරුන් අමතමින් කියා සිටියේ ලබන සදුදා දිනයේදී කැබිනට් මණ්ඩලය විසින් ගුරු විදුහල්පති වැටුප් ගැටලුව පිළිබද තවදුරටත් අවශ්‍ය තීරණ ගැනීමට අපොහොසත් වුවහොත් මෙම අරගලය තවදුරටත් පුලුල් වනු ඇති බවයි.

සුබෝධනී කමිටු වාර්තාවෙන් යෝජනා කර ඇති වැටුප පළමු අදියර වශයෙන් ලබාදීමට රජය කටයුතු කළ යුතු බවත් ඊට අදාල ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කරනතෙක් ගුරු විදුහල්පති අරගලය කිසිදු ආකාරයකින් අඩාල නොකරන බවත් මහින්ද ජයසිංහ මහතා අවධාරණය කළා.