Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ගුරු විදුහල්පති පාගමන ඇතුළු එළිමහන් සියලු විරෝධතා අත්හිටුවයි

By News Team on August 7th, 2021 in Local

වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති ඒකාබද්ධව රට පුරා සිදු කළ එළිමහන් විරෝධතා තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ඒ රට තුළ පවතින කොරෝනා වසංගතය සැලකිල්ලට ගනිමින් වෛද්‍යවරුන්ගේ නිර්දේශ සහ ඉල්ලීම් මත මෙම තීරණය ගැනීමටයි අදාළ සංගම් තීරණය කර ඇත්තේ.

පසුගියදා ගුරු විදුහල්පති වෘත්තීය සමිති ඒකාබද්ධව මහනුවර නගරයෙන් ආරම්භ කළ පාගමන අද (07) පස්යාල ප්‍රදේශය පසුකර සිටියා.

පාගමන නවතා දැමීමෙන් අනතුරුව ඔවුන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ අද (07) එළිමහන් විරෝධතා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළත් ඉගැන්වීමේ කටයුතුවලින් ඉවත්වීමට ගෙන ඇති තීරණය අඛණ්ඩව සිදු කරන බවයි.