Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

යුරෝපා සංගමයට යැවෙන තැපැල් භාණ්ඩ සම්බන්ධ බදු ප්‍රතිපත්තිය ජූලි 01 සිට සංශෝධනයට

By News Team on June 26th, 2021 in Business

යුරෝපා සංගමයට අයත් රටවල් වෙත යැවෙන තැපැල් භාණ්ඩ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කෙරෙන බදු ප්‍රතිපත්තිය ජූලි 01 වනදා සිට සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලිපි හැර සියළු තැපැල් භාණ්ඩ සදහා මෙම බදු ප්‍රතිපත්තිය අදාල වනු ඇති.

මෙම බදු ප්‍රතිපත්තිය පිළිබද කරුණු පැහැදිලි කරමින් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව යුරෝපා සංගමයට අයත් රටවල් වෙත යැවෙන තැපැල් අයිතම සදහා අදාල ගමනාන්ත විසින් ක්‍රියාත්මක කරන වැට් බදු ප්‍රතිපත්කියට හා අනෙකුත් තීරු බදු ප්‍රතිපත්තීන්ට යටත් වනු ඇති.

එකී බදු ප්‍රතිපත්තිය අනුව යුරෝ 150 ට අඩු වටිනාකමකින් යුතු සියළු තැපැල් භාණ්ඩ සදහා යවන්නා විසින් යුරෝපා සංගමයට අදාල රට වෙත සෘජුව මෙම වැට් බද්ධ ගෙවිය යුතුයි.

එමෙන්ම යුරෝ 150 ට වැඩි තැපැල් භාණ්ඩ සදහා වු සියළුම බදු ගමනාන්තයේදි අදාල රේගුව විසින් භාණ්ඩය ලබා ගන්නාගෙන් අය කර ගැනිමට කටයුතු කරන බවද තැපැල්පතිවරයා ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවේ වෙසෙන පුද්ගලයෙකුගෙන් යුරෝපා සංගමයට අයත් ඕනෑම රටක වෙසෙන පුද්ගලයෙකු වෙත ලැබෙන පුද්ගලික ත්‍යාගයක් අඩංගු තැපැල් අයිතමයටද මෙම බද්ධ අදාල වනවා.

තැපැල් භාණ්ඩ ලබන්නන් අදාල වැට් බදු මුදල් හා මෙහෙයුම් ගාස්තු ගෙවා භාණ්ඩය භාර ගැනිමට ක්‍රියා නොකළහොත් ඒ සම්බන්ධයෙන් කිසිදු වගකිමක් නොදරන බවයි තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ලබන්නා විසින් වැට් බදු ගෙවා භාණ්ඩය භාර ගැනිමේ එකගතාවයකින් තොරව භාණ්ඩ යොමු කරන්නේ නම් ඒ සදහා වැට් බදු ගෙවා නිකුත් කරන අංකයද සමග භාණ්ඩ තැපෑලට ඉදිරිපත් කිරීමෙන් භාණ්ඩ බෙදිම් කඩිනම් කර ගැනිමට මෙන්ම ආපසු හරවා එවීම වළක්වා ගන්නා ලෙසයි තැපැල් දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.

මේ පිළිබද වැඩිදුර විස්තර තැපැල් දෙපාර්තමේන්තුවේ 0112 32 යි 00 17 අංකයෙන් ලබා ගත හැකියි.