Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ගුරු විදුහල්පති සටනට විශ්ව විද්‍යාල ප්‍රජාවේ සහයත් ලැබේ

By News Team on November 5th, 2021 in Local

ගුරු විදුහල්පතිවරුන්ගේ වෘත්තීය අරගලයට සහය පළ කරමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඇතුළු විශ්ව විද්‍යාල ප්‍රජාව අද (05) දින නාවල විවෘත විශ්ව විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කර තිබෙනවා.

විශ්ව විද්‍යාල ප්‍රජාව කොන්දේසි විරහිතව තම අරගලයට සහය දක්වන බවයි ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ කියා සිටියේ.

ගුරු විදුහල්පති වැටුප් අරගලය වෙනුවෙන් ලබන 09 වනදා ජාතික විරෝධතා දිනයක් ප්‍රකාශයට පත් කර ඇති බවත් එළඹෙන අයවැයේදී තම ඉල්ලීම් වලට නිසි විසදුම් නොලැබුණහොත් ඉදිරියේදී තවදුරටත් අරගලය දැඩි විය හැකි බවද මහින්ද ජයසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියා.