Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ගමේ තත්ත්වය නරකයි – පුංචි ඡන්දය වසරකින් කල් දාන්න ආණ්ඩුව තීරණය කරයි

By News Team on September 25th, 2021 in Exclusive Story

පළාත් පාලන මැතිවරණය තවත් වසරකින් කල් දැමීමට රජයේ ප්‍රධානීන්ගේ අවධානය යොමුව තිබෙනවා.

ලබන වසරේ පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන වසරේ පෙබරවාරි වන විට අවසන් වන අතර ඉන් අනතුරුව මැතිවරණය පැවැත්විය යුතුයි.

ඇතැම් පළාත් පාලන ආයතන මෙම සැප්තැම්බර් මස විසුරුවා හැරීමට බලතල හිමි වෙනවා.

කෙසේ වෙතත් රජයේ ප්‍රධානීන් තීරණය කර ඇත්තේ පළාත් පාලන ඇමතිවරයාට එම මැතිවරණය වසරකින් කල් දැමීමට තිබෙන බලතල උපයෝගී කරගෙන මෙම මැතිවරණය කල් දැමීමට සාකච්ඡා කරමින් සිටින බවයි.

ආණ්ඩු බලය හිමි පළාත් පාලන ආයතන ප්‍රධානීන් ගණනාවක් රජයේ ප්‍රධානීන්ට පෙන්වා දී ඇත්තේ රට පුරා කොරෝනා වෛරසය ව්‍යාප්තිය වසර දෙකකට ආසන්න කාලයක් පැවැතීම හේතුවෙන් නිසි ජනතා මෙහෙවරක් ඉටු කිරීමට නොලැබූ බව පෙන්වා දී ඇති අතර ඒ සම්බන්ධයෙන් රජයේ ප්‍රධානීන් සැලකිල්ලට ගෙන තිබෙනවා.