Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

කොරෝනා කාලේ නිෂ්පාදනය කළ කොළඹ නැව් තටාකාංගනය නිපදවූ නෞකා ලබන 04 වනදා ඉරාක රජයට

By News Team on October 26th, 2021 in Local

කොරෝනා වසංගත සාමය තුළ නෞකා දෙකක් නිෂ්පාදනය කර රටට විදේශ විනිමය උපයා දීමට ලැබුණු සහය සම්බන්ධයෙන් කොළඹ නැව් තටාකාංගනයේ සභාපති ඇතුළු නිලධරීන් පිරිසකට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ස්තුතිය පළ කර තිබෙනවා.

අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකදී ඔවුන් සිය ස්තුතිය පළ කර ඇත්තේ.

ඇමෙරිකානු ඩොලර් මිලියන 35 ක ආදායමක් හිමිවූ අල්කා සහ ශාන් අල් අරාක් නෞකා දෙකම කොවිඩ් වසංගත කාලය තුළ නිෂ්පාදනය කිරීමට කොළඹ නැව් තටාකාංගනය සමත් වූ අතර එම නෞකා දෙක ලබන 04 වැනිදා ඉරාක රජයට භාර දීමට නියමිතයි.

නෞකා අලූත්වැඩියාව සඳහා පළමු ප්‍රාදේශීය ශාඛාව ලබන 02 වැනිදා ත්‍රිකුණාමලය වරාය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීමට නියමිත බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කළේ.