Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ගම්මන්පිලගේ විශ්වාසභංගය ගැන තීරණයක් ගන්න ආණ්ඩු පක්ෂය අද ජනාධිපති ලේකම් කාර්යාලයේ දී රැස්වෙයි

By News Team on July 18th, 2021 in Local

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

මෙම රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද පස්වරු 06ට එය ආරම්භ වනු ඇති බවයි වාර්තා වන්නේ.

දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරන්නේ බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි.

ඊට අමතරව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා විසින් රජයේ ඉදිරි සැලසුම් මෙම රැස්වීමේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට නියමිත බව සඳහන්.

මේ අතර ඇමති උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමඟි ජන බලවේගයේ ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව හෙට සහ අනිද්දා දෙදින විවාදයට ගැනීමට නියමිතව පවතිනවා.