Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

අගමැති අද බොලොඤ්ඤා ආගමික සමුළුව අමතයි

By News Team on September 12th, 2021 in Local

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉතාලියේ බොලොඤ්ඤා නුවර පැවැත්වෙන ජී20 අන්තර් ආගමික සමුලුවේ ප්‍රධාන දේශනය අද (12) පැවැත්වීමට නියමිතයි.

මෙවර මෙම සමුළුවේ තේමාව වී ඇත්තේ සංස්කෘතීන් අතර සාමය, ආගම් අතර අවබෝධය යන්නයි.

ජී20 අන්තර් ආගමික සමුළුවේ ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පවත්වන ලෙස ලැබුණු ආරාධනාව අනුවයි අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයට එක්ව සිටින්නේ.

ජී20 අන්තර් ආගමික සමුළුවට සමගාමීව මෙම සංචාරයේ දී රාජතාන්ත්‍රික හමුවීම් කිහිපයකට ද මහින්ද රාජපක්ෂ මහතා එක්වීමට නියමිතයි.