Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ජනපති යැවූ ලියුම මාධ්‍යයට දුන් කණ්ඩායමට අගමැතිගෙන් දැඩි ස්වරයෙන් අවවාද

By News Team on August 24th, 2021 in Exclusive Story

රට තුළ කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට සති තුනක කාලයක් රට වසා දමන ලෙස ජනාධිපතිවරයාට ලිපියක් ලබාදෙමින් එය මාධ්‍යයට ලබාදෙමින් පොදුජන පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයන්ට අගමැති මහින්ද රාජපක්ෂ මහතා දැඩි සේ අවවාද කර තිබෙනවා.

අගමැතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඊයේ (23) දිනයේ පැවැති කැබිනට් මණ්ඩලය හමුවෙයි.

කැබිනට් මණ්ඩලය හමුවේ රට වසා නොදමන ලෙස කැබිනට් මණ්ඩලයේ දී එකඟ වී ඉන්පසු විරෝධය පළ කිරීම සුදුසු නොවන බවයි අගමැතිවරයා පෙන්වා දී ඇත්තේ.

“විරුද්ධ නම් කට වහන් ඉන්නෙ නැතුව කැබිනට් එකේදි කියන්න තිබ්බනෙ” යැයි අගමැතිවරයා පවසා ඇති බව සඳහන්.

අගමැතිවරයා කැබිනට් මණ්ඩලය හමුවේ පෙන්වා දී ඇත්තේ ජනාධිපතිවරයා ලිපියක් යැවීමේ වරදක් නැතත් එය මාධ්‍යයට ලබාදීම වරදක් බවයි.

මේ හේතුවෙන් කැබිනට් මණ්ඩලය තුළදී සාකච්ඡා කිරීමේ තරම් ප්‍රජාතන්ත්‍රවාදයක් නැති බවත් ඇමතිවරුන්ගේ එකමුතුවක් නැති බවත් ජනතාවට හැඟී යන බවත් අගමැතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙවර කැබිනට් මණ්ඩල රැස්වීම සඳහා ජනාධිපතිවරයා සහභාගී නොමැති බවයි වාර්තා වන්නේ.

මේ අතර කැබිනට් අමාත්‍යවරුන්ගේ අගෝස්තු මස වැටුප කොරෝනා අරමුදල වෙනුවෙන් පරිත්‍යාග කිරීමට තීරණය කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.