Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

පැන්ඩෝරා ලයිස්තුවේ නම් ඇති අය ගැන අගමැති විශේෂ තීන්දුවක් ගනී

By News Team on October 4th, 2021 in International

මහා පරිමාණ මුල්‍ය වංචා සම්බන්ධයෙන් හෙළි වී ඇති පැන්ඩෝරා ලේඛණවල නම් සඳහන්ව ඇති සියලු පාකිස්ථාන සම්බන්ධයෙන් විමර්ශන කරන බව එරට අග්‍රාමාත්‍යවරයා ඉම්රාන් ඛාන් මහතා පොරොන්දු වී තිබෙනවා.

අගමැතිවරයා ට්විටර් සටහනක් තබමින් සහතික වී ඇත්තේ කිසියක් අයෙක් වැරදි ක්‍රියාවක් නිරත වී ඇති බව ඔප්පුවුවහොත් ඔවුන්ට නිසි පියවර ගන්නා බවයි.

ලෝකය පුරා සිටින රාජ්‍ය නායකයන්ගේ, දේශපාලකයන්ගේ, ධනවතුන්ගේ සහ බලවත් පුද්ගලයින් විසින් සිය අනන්‍යතාව සඟවමින් සිදු කරනු ලැබූ මුදල් විශුද්ධිකරණ සිදුවීම පිළිබඳ ගවේශණාත්මක හෙළිදරව් කිරීම් සිදු කිරීමට අමෙරිකාවේ වොෂින්ටන් හි පිහිටි ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන් සංගමය සමත්ව තිබෙනවා.

මිලියන 12කට අධික ලේඛනවලින් යුත් මෙම හෙළිදරව්ව පැන්ඩෝරා පත්‍ර යනුවෙනි නම් කර ඇත්තේ.

මෙම ලිපි ගොනුවට වත්මන් සහ හිටපු නායකයන් 35 දෙනෙකුගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ 300කට වැඩි සංඛ්‍යාවකගේ නම් ඇතුලත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පාකිස්ථාන අගමැතිවරයාගේ නම ඇතුළත් නොමැති නමුත් ඔහුගේ සමීපතමයන් පිරිසකගේ නම් අන්තර්ගත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.