Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

අන්තර්ජාතික සමුළුවකට සහභාගී වීමට අගමැති ඉතාලිය බලා යයි

By News Team on September 10th, 2021 in Local

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිල සංචාරයක් සඳහා අද (10) අළුයම ඉතාලිය බලා පිටත්ව ගොස් තිබෙනවා.

එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK-649 ගුවන් යානයෙන් ඔවුන් ඩුබායි බලා නික්ම ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

බොලොඤ්ඤා විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන අන්තර්ජාතික සමුළුවක ආරම්භක සැසියේ ප්‍රධාන දේශනයට සහභාගී වීම සහ රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් පදනම් කරගනිමින් අග්‍රාමත්‍යවරයාගේ ඉතාලි සංචාරය සැලසුම් කර ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

අගමැතිවරයා සමඟ මෙම සංචාරයට විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල් පිරිස් මහතාද එක්ව සිටිනවා.

මෙම ජාත්‍යන්තර උත්සවයට ඉතාලියේ අග්‍රාමාත්‍යවරයා සහ ඉතාලියේ අනෙකුත් යුරෝපා රටවල සම්භාවනීය අමුත්තන් සහභාගී වීමට නියමිතයි.