Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

වරාය වෘත්තීය සමිති සන්ධානය ලබන 08 වනදා ඒකාබද්ධ විරෝධතාවකට සැරසේ

By News Team on November 24th, 2021 in Local

තෙල්, වරාය සහ විදුලි සේවා සපයන ආයතන තුනට අදාළව විකිණීමට තීරණය කර ඇති සම්පත් හා සේවා රැක ගැනීම වෙනුවෙන් ලබන දෙසැම්බර් 08 වනදා ඒකාබද්ධ විරෝධතාවක් පැවැත්වීමට වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය තීරණය කර තිබෙනවා.

ලබන දෙසැම්බර් 08 වනදා දහවල් 12ට කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට මෙම දැවැන්ත විරෝධතාව පැවැත්වීමට නියමිතයි.

වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය නිවේදනය කළේ මෙම විරෝධතාවයෙන් අනතුරුව ජනාධිපති මන්දිරය දක්වා පාගමින් ගොස් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විරෝධතාව පෙත්සමක් භාර දීමට බලාපොරොත්තු වන බවයි.

ඔවුන්ගේ මෙම විරෝධතාවයේ ප්‍රධාන ඉල්ලීම වන්නේ වත්මන් ආණ්ඩුව විසින් වරාය අනාගත සංවර්ධනයට අතිශයින්ම වැදගත් අක්කර 13ක ඉඩම චීනයේ CITC සමාගමට විකුණා දැමීම ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාව වහා අහෝසි කර ගන්නා ලෙසයි.