Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් 6 දෙනෙක්ගේ විෂය පථයන් වෙනස් කෙරේ

By News Team on August 16th, 2021 in Local

කැබිනට් අමාත්‍යවරුන්ගේ කිහිපදෙනෙක්ගේ විෂය පථයන් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස මහාචාර්ය ජී එල් පීරිස් මහතා විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙසද, විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසද දසිවුරුම් දෙනු ලැබුවා.

සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කළ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රවාහන අමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන් අතර ජනමාධ්‍ය අමාත්‍ය ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරකයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා.

විදුලිබල අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඩලස් අලහප්පෙරුම මහතා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ගාමිණී ලොකුගේ මහතා දිවුරුම් දුන්නේ විදුලිබල අමාත්‍යවරයා ලෙසයි.