Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

වරාය, විදුලිය හා ඉන්ධන වෘත්තීය සමිති ලබන සතියේ වැඩ වර්ජනයකට සුදානම් වෙයි

By News Team on October 23rd, 2021 in Local

කොළඹ වරායේ අක්කර 13ක ඉඩමක් විදේශ සමාගමකට ආණ්ඩුව විසින් විකිණීමේ උත්සාහය නතර නොකළහොත් ලබන සතියේ සිට ඒකාබද්ධ වෘත්තීය අරගලයකට අවතීර්ණ වීමට සිදුවන බව වරාය, විදුලිය හා ඉන්ධන යන ක්ෂේත්‍රවලට අයත් වෘත්තීය සමිති පවසනවා.

එම වෘත්තීය සමිති නියෝජිතයින් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ඊයේ (22) පස්වරුවේ මුණ ගැසුණු අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා කියා සිටියේ රටට අනාගතයේ දී ඇතිවෙන තත්ත්වය සම්බන්ධයෙන් කාදිනල් හිමි කණගාටු වන බව තම සංගම් සමඟ ප්‍රකාශ කළ බවයි.