Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ගුරු විදුහල්පති විරෝධතාවයේ දී අත්අඩංගුවට ගත් පිරිස අද අධිකරණය හමුවට

By News Team on August 5th, 2021 in Local

ජනාධිපති ලේකම් කාර්යාලය අසළ විරෝධතාවයේ නිරතව සිටි අවස්ථාවේ අත්අඩංගුවට ගත් 44 දෙනෙක් අද (05) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර ගුරුවරුන් 22ක් ගුරුවරියන් 16 සහ විරෝධතාවට සහභාගී වූ පිටස්තර පුද්ගලයින් 06 දෙදෙනෙක් සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

ඔවුන් පැමිණි වාහන 10ක් ද පොලිස් භාරයට ගෙන තිබු අතර අත්අඩංගුවට ගත් 44 දෙනාටම කොළඹ නගර සභාව විසින් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකර තිබුණා.

පොලීසිය විසින් අත්අඩංගුවට ගත් මෙම පිරිසට එරෙහිව නීති විරෝධී රැස්වීමක සාමාජිකයින් වීම, ප්‍රධාන මාර්ගයක් අවහිර කිරීම, නිරෝධායන රීතිවලට පටහැනිව කටයුතු කිරීම යන චෝදනා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.