Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

කෲනාල් පාණ්ඩ්‍යාගේ ආශ්‍රිත ක්‍රීඩකයන් 08 දෙනාගේ PCR පරීක්ෂණ වාර්තාව නිකුත් වෙයි

By News Team on July 28th, 2021 in Sport

කොරෝනා ආසාධිත බවට තහවුරු වූ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක කෲනාල් පාණ්ඩ්‍යාගේ සමීප ආශ්‍රිත ක්‍රීඩකයන් 08 දෙනාගේ කොරෝනා ආසාධිත නොවන බවට අනාවරණය වී තිබෙනවා.

ඒ ඊයේ (27) පස්වරුවේ සිදුකළ PCR පරීක්ෂණවලින් මේ බව තහවුරු වී ඇති ක්‍රීක් ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කළේ.

තොරතුරු වාර්තා වන අන්දමට අදාළ ක්‍රීඩකයන් 08 දෙනාට අවසන් පන්දුවාර තරඟ දෙකට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි නොවන බවයි වාර්තා වන්නේ.

ඊයේ (27) දිනයේ කෲනාල් පාණ්ඩ්‍යා කොරෝනා ආසාධිත බව තහවුරු වීමත් සමඟ ඉන්දීය කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් පරීක්ෂණවලට ලක් කෙරුණා.

ඒ හේතුවෙන් ඊයේ (27) පැවැත්වීමට නියමිත දෙවන විස්සයි විස්ස තරඟය අද (28) දක්වා කල් දමනු ලැබුවා.

තුන්වන විස්සයි විස්ස තරඟය හෙට (29) දිනයේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජෛව ආරක්ෂණ බුබුළු පිළිබඳ ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ ජෛව ආරක්ෂණ බුබුළ කිසිඳු ආකාරයකින් බිඳී ගොස් නොමැති බවයි.