Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

පරිපුරක වෛද්‍ය සහ අතුරු වෛද්‍ය සේවා වෘත්තීය සමිති වැඩවර්ජනය තවදුරටත්

By News Team on July 6th, 2021 in Local

පරිපුරක වෛද්‍ය සහ අතුරු වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධව ආරම්භ කර ඇති වැඩවර්ජනය තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කළේ වෘත්තීය ක්‍රියාමාර්ගයට හේතු වී ඇති කරුණු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරිය සමඟ ඊයේ (05) පැවැති සාකච්ඡාවේදී පිළිගත නොහැකි විසඳුමක් නොලැබීම හේතුවෙන් වර්ජනය තවදුරටත් පවත්වාගෙන යාමට සිදුවන බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ වැඩ වර්ජනයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වෘත්තීය සමිති අතර අද (06) දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවයි.