Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඩී ඒ රාජපක්ෂ කෞතුකාගාරයේ සෙසු විත්තිකරුවන් 06 දෙනාත් නිදොස් කොට නිදහස් කෙරේ

By News Team on July 2nd, 2021 in Local

රජයේ මුදල් රුපියල් මිලියන 34 ක් වැය කර වීරකැටිය ඩී ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදි කලේ යැයි පවරා තිබූ නඩුවේ සෙසු විත්තිකරුවන් 06 දෙනාද නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

කොළඹ පළමු ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයයි නියෝගය ලබාදුන්නේ.

මෙම නඩුවේ විත්තිකරුවෙකු ලෙස නම් කර සිටි එවක ආරක්ෂක ලේකම් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට පෙර මෙම නඩුවෙන් නිදහස් කෙරුණා.

ඉඩම් ගොඩ කිරීමේ සංස්ථා සභාපතිවරයා විසින් නීතිපතිවරයාට දන්වා ඇත්තේ අදාළ මුදල මේ වනවිටත් ලැබී ඇති බවයි.

ඒ අනුව නීතිපතිවරයා විසින් කල දැනුම් දීමක් අනුව නඩුවේ ඉතිරි විත්තිකරුවන් 06 දෙනාද නිදොස් කොට නිදහස් කිරීමටයි කොළඹ පළමු ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කළේ.