Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ඔලිම්පික් ක්‍රීඩා වසන්තය අදින් ඇරඹේ

By News Team on July 23rd, 2021 in Sport

කොරෝනා වසංගත හමුවේ වසරකින් පමණ කල් දමන ලද 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල අද (23) නිල වශයෙන් ආරම්භ වනවා.

ඔලිම්පික් උළෙල සඳහා රටවල් 200කට වැඩි සංඛ්‍යාවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙවර තරඟාවලියට එක්වීමට නියමිතයි.

කෙසේ වෙතත් ටෝකියෝ නගරයට හදිසි තත්ත්වයක් පණවා තිබීම හේතුවෙන් නරඹන්නන්ගේ සහභාගීත්වයෙන් තොරව මේ වසරේ ඔලිම්පික් උළෙල පැවැත්වෙනවා.

අදින් ආරම්භ වන ඔලිම්පික් තරඟාවලිය අගෝස්තු 08 වනදා දක්වා ක්‍රියාත්මක වනවා.

තරඟාවලියේ සමාරම්භක උළෙල ජපානයේ නව ජාතික ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් අද (23) පස්වරු 04.30ට ආරම්භ වීමට නියමිතයි.

පවතින තත්ත්වය සලකා ප්‍රමාණයෙන් කුඩා සමාරම්භක ආචාර පෙළපාලියක් පැවැත්වීමටයි සංවිධායක මණ්ඩලය පියවර ගෙන ඇත්තේ.

ශ්‍රී ලංකා ජූඩෝ ශූර චාමර නුවන් ධර්මවර්ධන සහ ජිම්නාස්ටික් ක්‍රීඩිකා මිල්කා ගෙහානි ශ්‍රී ලංකා ධජය රැගෙන යනු ඇති.

මෙවර තරගාවලියේදී රන් පදක්කම් 339 ක් ප්‍රදානය කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රී’ඩකයන් 04 දෙනෙකු සහ ක්‍රීඩිකාවන් 05 දෙනෙකු මෙවර තරගාවලියට සහභාගී වනවා. බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න, ජූඩෝ ශූර චාමර නුවන් ධර්මවර්ධන, කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන්, පිහිනුම් ශූර මැතිව් අබේසිංහ සහ අශ්වාරෝහක ක්‍රීඩිකා මැටිල්ඩා කාර්ල්සන් ශ්‍රී ලංකාව නියෝජනය කරනවා.

ඉලක්කයට වෙඩි තැබීමේ ක්‍රීඩිකා ටෙහානි එගොඩවෙල, මැදි දුර ධාවන ශුරී නිමාලි ලියනාරච්චි, ජිම්නාස්ටික් ක්‍රීඩිකා මිල්කා ගෙහානි සහ පිහිනුම් ක්‍රීඩිකා අනිගා ගෆූර් ශ්‍රී ලංකාව නියෝජනය කරන අනෙකුත් ක්‍රීඩිකාවන් පිරිසයි.

මේ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් හෙට (24) දිනයේදී පළමුවෙන් ටෝකියෝ ඔලිම්පික් තරග බිමට පිවිසෙන්නේ බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්නයි.