Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

අප්‍රේල් 28 න් පසු මෙරට දෛනික කොරෝනා ආසාධිත ගණන ඊයේ වාර්තා වෙයි

By News Team on July 4th, 2021 in Local

ඊයේ (03) දිනයේ ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාධිතයින් 1262ක් හඳුනා ගැනුණා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාධිත ගණන 264057ක් දක්වා ඉහළ ගියා.

මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින ගණන 29506ක් වන අතර වෛරසය ආසාධිතයින් අතුරින් පුර්ණ සුවය ලැබූ ගණන 231394ක් ලෙසයි සටහන් වුණේ.

පසුගිය අප්‍රේල් 28 වනදායින් පසු මෙරටින් වාර්තා වූ අඩුම දෛනික කොරෝනා ආසාධිතයින් ගණන ලෙස ඊයේ (03) දිනයේ දී සටහන් වීම විශේෂත්වයක්.

මේ අතර ඊයේ (03) කොරෝනා මරණ 34ක් වාර්තා වුණා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ ගණන 3191ක් දක්වා ඉහළ ගියා.