Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඊයේ මෙරට දෛනික කොරෝනා මරණ ගණන අඩුවෙයි

By News Team on September 5th, 2021 in Local

සති කිහිපයකට පසු ශ්‍රී ලංකාවේ දෛනික කොරෝනා ආසාධිත මරණ ගණන 150ට අඩුවෙන් වාර්තා වුණා.

ඒ අනුව ඊයේ (04) දිනයේ දී කොරෝනා මරණ 145ක් වාර්තා වු අතර මෙම මරණ ගණනත් සමඟ මෙරට සමස්ථ කොරෝනා මරණ ගණන 9951ක් දක්වා ඉහළ ගියා.

මේ අතර ඊයේ (04) දිනයේ මෙරටින් කොරෝනා ආසාධිතයින් 3333 දෙනෙක් වාර්තා වුණා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් ගණන් 459459ක් දක්වා ඉහළ ගියා.

67032 දෙනෙක් මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින අතර වෛරස ආසාධිතයින් අතුරින් පුර්ණ සුවය ලැබූ ගණන 382467ක් ලෙසයි සටහන් වුණේ.