Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඊයේ කල් ගිය ආණ්ඩු පක්ෂ නායකයන් සහ අගමැති අතර හමුව අද

By News Team on September 23rd, 2021 in Exclusive Story

පාර්ලිමේන්තුව නියෝජනය කරන ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන් සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාව අද (23) පැවැත්වෙනවා.

මෙම සාකච්ඡාව ඊයේ (22) දිනයේ දී පැවැත්වීමට නියමිත වූ අතර එය අද (23) දක්වා කල් ගියා.

ඒ අනුව අද (23) පස්වරු 04.30ට අරලියගහ මන්දිරයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙහිදී වත්මන් දේශපාලන තත්ත්වය සහ යුගදනවි බලාගාරයේ සියයට 40ක කොටස් අමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කළේ.