Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

සුපිරි 12 වටයේ සිංහ පුතුන් සහ කැන්ගරුවරුන් අතර තරඟය අද

By News Team on October 28th, 2021 in Sport

විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි කණ්ඩායම් 12 වටයේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරඟය අද (28) පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30ට තරඟය ආරම්භ වනු ඇති.

මේ දක්වා දෙරට අතර පන්දුවාර විස්ස තරඟ 16ක් පවත්වා ඇති අතර කණ්ඩායම් දෙකම තරඟ 8 බැඟින් ජයගෙන තිබෙනවා.

ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් කියා සිටියේ අද (28) තරඟයට දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ක්‍රීඩා කරන බවයි.

සුදුසුකම් ලැබීමේ වටයේ දී නෙදර්ලන්තය සමඟ පැවැති තරඟයේ දී ආබාධයකට ලක්වූ මහීෂ් තීක්ෂණ බංග්ලාදේශය කණ්ඩායම අතර පැවැති තරඟයට ක්‍රීඩා කිරීමට හැකි වුයේ නැහැ.

ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් තත්ත්වයෙන් පසුවන බවයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වැඩිදුරටත් කියා සිටියේ.