Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

පහළ කඩුගන්නාව කොටස නැවත දැනුම් දෙන තෙක් වසා දැමේ

By News Team on November 12th, 2021 in Local

නැවත දැනුම් දෙන තෙක් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව කොටස තවදුරටත් වසා තැබීමට තීරණය කර තිබෙනවා.

කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසුරිය මහතා කියා සිටියේ අද (12) උදෑසන ප්‍රදේශයේ කාලගුණ තත්ත්වය සහ මාර්ගය තවදුරටත් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි.

පසුගිය 10 වනදා රාත්‍රී 10 සිට අධික වර්ෂාව හේතුවෙන් පස් කඳු කඩා වැටීමේ අවධානම හේතුවෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දැමුණු අතර එය අද (12) උදෑසන 9 දක්වා මාර්ගය වසා තැබීමටයි බලධාරීන් තීරණය කළේ.