Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට ගියත් වැසි තත්ත්වය තවදුරටත්

By News Team on November 3rd, 2021 in Local

දිවයින ආශ්‍රිතව පැවැති අඩු පීඩන කලාපය ක්‍රමයෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම නිවේදනයේ සඳහන් වන්නේ සවස් කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්වයන් තවදුරටත් පවතින බවයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

බස්නාහිර, දකුණු සහ උතුරු පළාත් වල උදාසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ උතුරු මැද පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථාන වලට මිලි මීටර 100 ට වැඩි තද වැසි ඇතිවීමේ හැකියාවක්ද පවතිනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇකිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.