Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

හෙලිකොප්ටර් යානා අනතුරෙන් මියගිය ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීගේ අවසන් කටයුතු අද

By News Team on December 9th, 2021 in International

හෙලිකොප්ටර් යානා අනතුරෙන් මියගිය ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවත් සහ ඔහුගේ බිරිඳගේ මෘත දේහ දිල්ලි අගනුවරට ගෙන ඒමට තීරණය කර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ අද (09) සවස හමුදා ගුවන් යානයක් සමඟින් මෘත දේහ ගෙන ඒමට නියමිත බවයි.

හෙට (10) දිල්ලි නුවරදී ඔවුන්ගේ අවසාන කටයුතු සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඉන්දීය යුද ගුවන් සහ නාවික හමුදා සියල්ලෙහි නායකත්වය පවරා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයක් ස්ථාපිත කෙරුණේ 2019 වසරේ දීයි.

එලෙස ස්ථාපිත කෙරූ පළමු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙසයි 63 හැවිරිදි ජෙනරාල් බිපින් රාවත් මහතා සැලකෙන්නේ.

ඔහු ඇතුලු 14 දෙනෙකු ගමන්ගත් හෙලිකොප්ටරය ඊයේ පස්වරු 02 ට පමණ ඊයේ තමිල්නාඩු ප්‍රාන්තයට කඩා වැටීමෙන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

මේ අතර මෙම අනතුර සම්බන්ධයෙන් ඉන්දීය ගුවන් හමුදාව විසින් විශේෂ පරීක්ෂණයක්ද ආරම්භ කර තිබෙනවා.