Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

තරුණියන්ගේ නැටුම් නිසා IPL විකාශනය වහාම අත්හිටුවීමට තීරණය කරයි

By News Team on September 21st, 2021 in Gossip

ඇෆ්ඝනිස්තානය තුළ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය විකාශය කිරීම තහනම් කර තිබෙනවා.

අයි.පී.එල් තරඟ විකාශය අතරතුර ඉස්ලාම් විරෝධී අන්තර්ගතයන් ඇතුළත් විය හැකි බැවින් එහි විකාශන කටයුතු එරට තුළ තහනම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ වන විට එරට පාලනය තලේබාන් සංවිධානය යටතේයි පවතින්නේ.

සිනමාව, ක්‍රීඩාව වැනි විනෝදාස්වාදය සපයන බොහෝ අංශ සදහා එරට තුළ මේ වන විට විවිධ තහනම් පනවා ඇති අතර, කාන්තාවන්ට කිසිදු ක්‍රීඩාවට නිරත වීමට ද අවසර හිමි වන්නේ නැහැ.

අයි.පී.එල් තරග අතරතුර දී තරුණියන් නර්තනයෙන් එක්වීම සිදු විය හැකි වීම ද ඇෆ්ඝනිස්තානය තුළ අයි.පී.එල් තරග විකාශය තහනම් කිරීමට හේතු වී තිබෙනවා.