Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

එක් දිනයකදී එන්නත්කරණයට ලක් වූ වැඩිම පිරිස ඊයේ වාර්තා වෙයි

By News Team on July 1st, 2021 in Local

මෙරට එන්නත්කරණ ක්‍රියාවලියට අදාළව දත්ත වැක්‌සීන් ට්‍රැකර් නම් මෘදුකාංගය වෙත ඇතුළත් කිරීම ආරම්භ කර තිබෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ එන්නත්කරණය මෙරට මුල් වරට ආරම්භ වූ පසුගිය කාලසීමාවේදී අදාළ මෘදුකාංගය මෙරට තුළදී භාවිතා නොකෙරුණු බවයි.

මේ අතර ශ්‍රී ලංකාව තුළ එක් දිනයකදී වැඩිම පුද්ගලයින් පිරිසක් කොරෝනා එන්නත් ලබාගත් දිනය ලෙස ඊයේ (30) දිනයේ සටහන් වී තිබෙනවා.

ඒ අනුව ඊයේ (30) දිනයේ දී මෙරට පුද්ගලයින් 173520 දෙනෙකුට කොරෝනා එන්නත් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

සෞඛ්‍ය අංශ සඳහන් කළේ සයිනොෆාම් පළමු මාත්‍රාව 91759කාටද, එහි දෙවන මාත්‍රාව 79236කටද, කොවිෂිල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව 2523 දෙනෙකුට සහ ස්පුට්නික් එන්නත පුද්ගලයින් දෙදෙනෙකුට එන්නත් ලබාදී ඇති බවයි.

මේ අනුව ශ්‍රී ලංකාව ඊයේ (30) දිනය තුළදී භාවිත කර ඇති මුළු කොරෝනා එන්නත් මාත්‍රා සංඛ්‍යාව 3866623ක් දක්වා ඉහළ යනු ඇති.