Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

වැඩිම දෛනික කොරෝනා ආසාධිතයින් ගණන ඊයේ වාර්තා වෙයි

By News Team on August 23rd, 2021 in Local

ශ්‍රී ලංකාවෙන් පළමුවරට එක් දිනකදී වාර්තා වූ වැඩිම දෛනික කොරෝනා ආසාධිතයින් ගණන ඊයේ (22) දිනයේ 4000 සීමාව ඉක්මවා ගියා.

ඒ අනුව ඊයේ (22) දිනයේ දී දෛනික කොරෝනා ආසාධිතයින් 4304 වාර්තා වුණා.

මෙම ආසාධිතයින් ගණනත් සමඟ මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් 390000ක් දක්වා ඉහළ ගියා.

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින ගණන 40475ක් වන අතර වෛරස ආසාධිතයින් අතුරින් පුර්ණ සුවය ලැබූ ගණන 342159 ලෙසයි සටහන් වුණේ.

මේ අතර ඊයේ (22) දිනයේ දී තවත් කොරෝනා මරණ 183ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් තහවුරු කළා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ ගණන 7366 දක්වා ඉහළ ගියා.