Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

මෙරට වැඩිම දෛනික කොරෝනා මරණ ගණන ඊයේ දිනයේ වාර්තා වෙයි

By News Team on August 28th, 2021 in Local

ඊයේ (27) දිනයේ ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා 4591 දෙනෙක් හඳුනා ගැනුණා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් ගණන 416961ක් දක්වා ඉහළ ගියා.

දැනට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින ගණන 55399ක් වන අතර වෛරස ආසාධිතයින් අතුරින් පුර්ණ සුවය ලැබූ ගණන 353191ක් ලෙසයි සටහන් වුණේ.

මේ අතර ඊයේ (27) දිනයේ දෙවන දිනටත් දෛනික කොරෝනා මරණ ගණන 200 සීමාව ඉක්මවා ගියා.

ඒ අනුව ඊයේ (27) දිනයේ තවත් කොරෝනා මරණ 214ක් වාර්තා වූ අතර එය මේ දක්වා දිනකදී ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම කොරෝනා මරණ ගණන ලෙසයි සැලකෙන්නේ.

මෙම මරණ ගණනත් සමඟ ශ්‍රී ලංකාවේ සමස්ථ කොරෝනා මරණ ගණන 8371ක් දක්වා ඉහළ යනු ඇති.