Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

මෙතෙක් ශ්‍රී ලංකාවෙන් දිනකදී වාර්තා වූ වැඩිම කොරෝනා ආසාධිතයින් ගණන සහ මරණ ඊයේ වාර්තා වෙයි

By News Team on August 20th, 2021 in Local

කොරෝනා වසංගතය ශ්‍රී ලංකාවෙන් ආරම්භ වීමෙන් අනතුරුව එක් දිනකදී සටහන් වූ වැඩිම කොරෝනා ආසාධිතයින් සහ කොරෝනා මරණ ගණන ඊයේ (19) දිනයේ වාර්තා වුණා.

ඒ අනුව ඊයේ (19) ආසාධිතයින් 3806 දෙනෙක් සහ කොරෝනා මරණ 186ක් තහවුරු වූ බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

ඊයේ (19) තහවුරු වූ ආසාධිතයින් ගණනත් සමඟ සමස්ථ කොරෝනා ආසාධිතයින් ගණන 373165ක් දක්වා ඉහළ ගියා.

මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින ගණන 47847 දෙනෙක් අතර වෛරස ආසාධිතයින් අතුරින් පුර්ණ සුවය ලැබූ ගණන 318714ක් ලෙසයි සටහන් වුණේ.

මේ අතර ඊයේ (19) දිනයේ වාර්තා වූ කොරෝනා මරණ 186 තහවුරු වුණා.

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ ගණන 6790 දක්වා ඉහළ ගියා.