Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ගුරු සහ විදුහල්පති සංගම් ගැටළුව ගැන ආණ්ඩුවේ සෘජු ස්ථාවරය අද දැනුම් දෙයි

By News Team on October 12th, 2021 in Local

ආණ්ඩුව ගුරු – විදුහල්පති වැටුප් ගැටළුව විසඳන ආකාරය සම්බන්ධයෙන් සෘජු ස්ථාවරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ගුරු හා විදුහල්පති නියෝජිතයින්ට අද (12) දැනුම් දීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද (12) දහවල් 12ට අරලියගහ මන්දිරයට පැමිණෙන ලෙසයි ගුරු සහ විදුහල්පති සංගම් නියෝජිතයින්ට අග්‍රාමාත්‍ය කාර්යාලය ඊයේ (11) සවස දැනුම් දී ඇත්තේ.

ගුරු සහ විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා නිර්දේශ ලබාදීමට පත්කළ අමාත්‍ය අනු කමිටුවේ යෝජනා අනුව වැටුප් වැඩිවීම අදියර දෙකකින් ලබාදීමට තීරණය කර ඇති බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේ අනුව දින 94ක් තිස්සේ ගුරු සහ විදුහල්පති වැඩ වර්ජනය අවසන් කිරීම සම්බන්ධයෙන් අද (12) දිනයේ දී තීරණයක් ගැනීමට නියමිතයි.