Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ආණ්ඩුව රුපියල් බිලියනයක ණය වාරිකය ඊයේ ගෙවා දමයි

By News Team on July 27th, 2021 in Business

ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තරව ලබාගෙන ඇති ණය සඳහා වන ඩොලර් බිලියනයක ණය වාරිකය ඊයේ (26) දිනයේ දී ගෙවා තිබෙනවා.

අද (27) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව ප්‍රකාශ කළා.

ඒ අනුව විදෙස් සංචිතවලට බලපෑමක් නොවන ලෙස මුල්‍යමය පාලනය තුලින් අනුගමනය කළ ක්‍රමවේදය තුළ මෙම මුදල ගෙවීමට හැකියාව ලැබුණු බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.