Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

යුගදනවී බලාගාරයත් අමෙරිකානු සමාගමකට විකිණීමට රජය සුදානම් වෙයි

By News Team on July 4th, 2021 in Exclusive Story

යුගදනවි ඩීසල් බලාගාරයෙන් 51% කොටස් අමෙරිකානු සමාගමකට විකිණීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වනවා.

සති අන්ත ප්‍රමුඛ පෙළේ ඉංග්‍රීසි පුවත්පතක් වන සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරන්නේ මේ සඳහා කැබිනට් පත්‍රිකාව මුදල් අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර ඇති බවයි.

ඒ අනුව එම බලාගාරයේ කොටස්වලින් 23.9%ක් ඇති සේවක අර්ථසාධක අරමුදල තම කොටස් වලින් අමෙරිකානු සමාගමකට ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මහා භාණ්ඩාගාරය සතුව ඇති කොටස් 51% මෙසේ පැවරීම සඳහා රජය අනුමැති ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.