Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

රජය සංචිත රැකගන්න දුරකථන ඇතුළු භාණ්ඩ ගණනාවක් ආනයනය සීමා කිරීමට කිරීමට යයි

By News Team on July 3rd, 2021 in Gossip

රජය අත්‍යාවශ්‍ය නොවන සුඛෝපභෝගී නොවන භාණ්ඩ ගණනාවක් ආනයනය සීමා කිරීම සම්බන්ධයෙන් රජය දැඩි අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව ජංගම දුරකථන, රූපවාහිනී, ශීතකරණ ඇතුළු විදුලි උපකරණ සහ සුවඳ විලවුන් හා ආලේපන ද්‍රව්‍ය ආදී භාණ්ඩ ගණනාවක් ආනයනය අත්හිටුවීමටයි තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

රජය මෙම තීරණය ගැනීමට හේතු වී ඇත්තේ රටේ විදේශ විනිමය සංචිත ශක්තිමත් වන තෙක් රට තුළ විනිමය රඳවා ගැනීම සහ දේශීය නිෂ්පාදකයන්ට වැඩි අවස්ථාව ලබාදීම යන කරණා සැලකිල්ලට ගනිමිනුයි.

සංචිත ශක්තිමත් වීමෙන් අනතුරුව සීමා ලිහිල් කිරීමට කටයුතු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.