ආණ්ඩුව කෝටි 4750ක වටිනාකමින් යුත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කරන්න යයි
By News Team on July 25th, 2021 in Business

ශ්රී ලංකා මහ බැංකුව රුපියල් කෝටි 4,750 ක වටිනාකමින් යුත් භාණ්ඩාගාර බිල්පත් ලබන 28 වැනිදා වෙන්දේසියක් කිරීමට නියමිතව තිබෙනවා.
මෙම භාණ්ඩාගාර බිල්පත් අදාල මිල ගණන් ඉදිරිපත් කිරීම 28 වැනිදා පෙරවරු 11.00 ට අවසන් වන බවයි වාර්තා වන්නේ.
භාණ්ඩාගාර බිල්පත් ගැනුම්කරුවන් මේ මස 30 වැනිදා හෝ ඊට පෙර ගෙවීම් කළ යුතු වනවා.