Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ජනතාවගේ ඉල්ලුමට සරිලන ආහාර ද්‍රව්‍ය තොග රජය සතු බව නිවේදනයක් නිකුත් කරමින් කියයි

By News Team on September 2nd, 2021 in Local

සහල් හා සීනි ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයක් රට තුළ උද්ගතව ඇති බවට පැතිර යන වාර්තාවල කිසිඳු සත්‍යතාවක් නොමැති බව රජය අවධාරණය කරනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ජනතා ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් ආහාර ද්‍රව්‍ය තොග රජය සතුව පවතින බවයි.

තවද ශ්‍රී ලංකාවේ බරපතළ ආහාර හිඟයක් ඇති බවට විවිධ පාර්ශව ගෙන ප්‍රචාර ද රජය තරයේ බැහැර කරනවා.

කූට ව්‍යාපාරිකයන් පිරිසක් කෘත්‍රීම ආහාර හිඟයක් ඇති කිරීමට උත්සාහය ව්‍යාර්ථ කර ඇති නමුත් ආහාර හිඟයක් ඇති වේ යැයි බිය නොවන ලෙස රජය ජනතාව වෙත දන්වා සිටිනවා.