Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

කාබුල් අගනුවර සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමට රජය තීරණය කරයි

By News Team on August 15th, 2021 in Local

දැනට ඇෆ්ගනිස්ථානයේ පවතින ගැටුම්කාරී වතාවරණය හමුවේ කාබුල් අගනුවර රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන් වහාම දිවයිනට ගෙන්වා ගැනීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මේ දක්වා කාබුල් අගනුර ශ්‍රී ලාංකිකයන් 50කට ආසන්න පිරිසක් රැකියාවල නිරතවී සිටින බවයි විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග වාර්තා කරන්නේ.

මේ අතර තලේබාන් සටන්කාමීන් කාබුල් අගනුවරට පැති කිහිපයකින් ඇතුළුවෙමින් පවතිනවා.

ඔවුන් කාබුල් අගනුවර හැර අනෙකුත් සෑම ප්‍රධාන නගරයකම බලය සටන්කාමීන් අතට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

තලේබාන් සංවිධානය විසින් සිය සටන්කාමීන් වෙත දන්වා ඇත්තේ පලා යන ජනතාවට කිසිඳු බලපෑමක් සිදු නොකරන ලෙසයි.

මේ අතර කාබුල් අගනුවර සිටින රාජ්‍ය තාන්ත්‍රිකයන් ගණනාවක් මේ වන විට යළි ඔවුන්ගේ මව්රටවල් බලා පිටත්ව යාම ආරම්භ කර ති බව වාර්තා වනවා.

ඇෆ්ඝනිස්ථානයේ සිටි අමෙරිකානු හමුදා ඉවත්වීමත් සමඟ තලේබාන් සංවිධානය විසින් නැවතත් එරට ප්‍රධාන නගර ගණනාවක බලය අත්පත් කර ගනු ලැබුවා.