Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ළමුන් 100ට වඩා අඩු පාසල් නැවත ඇරඹීමට රජය තීරණය කරයි

By News Team on July 3rd, 2021 in Local

සිසුන් 100ට අඩුවෙන් සිටින පාසල් 2962ක් අධ්‍යයන කටයුතු සෞඛ්‍ය අංශවල පුර්ණ නිර්දේශවලට අනුව මෙම මාසය තුළ නැවත ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ජි. එල්. පිරිස් මහතා පවසනවා.

මෙරට ළමුන් 50ට අඩු පාසල් 1439ක් සහ ළමුන් 51ත් 100ත් අතර සිටින පාසල් 1523ක් ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව පළමුව ගුරුවරුන්ට එන්නත් ලබාදීම සිදුකිරීම අනිවාර්ය බව ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේ දී අවධාරණය වූ බව ඊයේ (02) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජී.එල්.පීරිස් මහතා කියා සිටියා.

ප්‍රථමයෙන් එම පාසල් ආරම්භ කර පසුව අනෙකුත් පාසල් ද නිසි සැලසුමකට අනුව විවෘත කිරීමට අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.