Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

අසුචි පොහොර නැවට වන්දි ගෙවන්න ආණ්ඩුව තීරණය කරයි

By News Team on December 14th, 2021 in Exclusive Story

චීන කාබනික පොහොර තොගය සඳහා දෙපාර්ශවයටම පාඩුවක් නොවන ආකාරයෙන් ගෙවීම් සිදු කිරීමට අදාළව කැබිනට් මණ්ඩලයට යෝජනා ඉදිරිපත් වී තිබෙනවා.

දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරන්නේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇති බවයි.

නීතිපතිවරයාගේ උපදෙස් මත මෙම කැබිනට් පත්‍රිකා දෙක ඉදිරිපත් කර තිබෙනවා.

ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකු ද කියා සිටියේ එවැනි කැබිනට් පත්‍රිකාවක් ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ බවයි.

ඒ අනුව චීන කාබනික පොහොර නැවට ඩොලර් මිලියන 6.7ක ආසන්න මුදල් ගෙවා දැමීමට කැබිනට් පත්‍රිකා දෙකක් ඊයේ (13) රැස්වූ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් වී තිබෙනවා.

දින 70කට අධික කාලයක් නෞකාව මෙරට මුහුදේ සැරි සරමින් අනතුරුව පසුගිය 04 වනදා මෙරට මුහුදු සීමාවෙන් ඉවත්ව පසුගිය 10 වනදා සිංගප්පුරුවට ළඟා වුණා.

චීනයේ චින්දාවෝ සිඩින් බයෝටෙක් සමාගම නිෂ්පාදිත අදාළ කාබනික පොහොර නෞකාව මෙරටින් ප්‍රතික්ෂේප කරනු ලැබුවේ එහි හානිකර බැක්ටිරියා අඩංගු බව පවසමිනි.