Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

චීන පොහොර නැවට ඩොලර් මිලියන 6.7ක මුදලක් ගෙවීමට රජය තීරණය කරයි

By News Team on November 21st, 2021 in Exclusive Story

චීනයේ සිට මෙරටට පොහොර තොගයක් රැගෙන ශ්‍රී ලංකාව ආසන්නයේ නැංගුරම්ලා තිබෙන නෞකාවේ පොහොර තොගයට ඩොලර් මිලියන 6.7ක මුදලක් ගෙවීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇති බව වාර්තා වනවා.

සති අන්ත ඉංග්‍රීසි ජාතික පුවත් පතක් වන සන්ඩේ ටයිම්ස් පුවත්පත මේ බව වාර්තා කර තිබෙනවා.

ඒ අනුව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කර ඇත්තේ අදාළ පොහොර තොගයේ වටිනාකමින් 75%ක් ගෙවා එම ගැටළුව විසඳා ගැනීමට සුදානම් බවයි.

මෙම පොහොර ගැටළුව හේතුවෙන් චීනය සමඟ රාජතාන්ත්‍රික ගැටළුවක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බව ද ඔහු පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් යෝජනාවක් කැබිනට් අනුමැතිය ඉල්ලා කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් යෝජනාවක් ද ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.